2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු වූ ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතා පෙරේදා (23 දා) සිට අතුරුදන්ව තිබූ අතර අභිරහස් ලෙස මිය ගිය ඔහුගේ සිරුර ඊයේ (24 දා) මහියංගණය මාපාකඩ 17 කණුව ප්‍රදේශයේ තිබිය දී මහියංගණය පොලිසියට හමුවී තිබුණි.
මහියංගණය මාපාකඩ 17 කණුව ප්‍රදේශයේ වියානා ඇළ අසල අතහැර දමා තිබූ මෝටර් රථයක් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සොයා බැලීමේදී එම මෝටර් රථය මෙම වෛද්‍යවරයාගේ බවට හඳුනාගෙන තිබිණි. ඒ අනුව මහියංගණය පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශ වාසීන් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී වාහනය නවතා තිබූ ස්ථානයට ආසන්නයේ වූ වන ලැහැබක තිබී වෛද්‍යවරයාගේ සිරුර හමු වී තිබේ.
අභිරහස් ලෙස මියගොස් සිටි වෛද්‍යවරයාගේ සිරුර අසල තිබී ඖෂධ පෙති වර්ග 03 ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. මේ නිසා වෛද්‍යවරයා දිවි නසා ගත්තා දැයි පොලිසිය සැක කරයි.
මේ අතර බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ බී.බී.සී. සිංහල පුවත් සේවයට අදහස් දක්වමින් මෙවැනි සඳහනක් ද කර තිබිණි.
“ප්‍රභාත් එදා උදේ 10.00ට විතර සැත්කමක් ද සිදු කළා. ඊට පස්සෙ ඔහු දුරකථනයට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. මේ වෙච්ච දේ අපිට හිතා ගන්නත් බැහැ” යැයි සඳහන් කර තිබිණි.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ මහතා දෙදරු පියකු ද වේ. එමෙන්ම ඔහු දීර්ඝ කාලයක සිට මානසික ආතතියට ඖෂධ ලබාගෙන ඇති බව පොලිසියට අනාවරණය වී ඇත. වෛද්‍යවරයා පෙරේදා පෙරවරුවේ සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට ලද තොරතුරක් අනුව ඔහු සොයා සිදු කළ මෙහෙයුමේදී පෙරේදා රාත්‍රියේම ඔහුගේ මෝටර් රථය සොයාගෙන තිබිණි. අනතුරුව ඊයේ සිදු කළ සොයා බැලීමේදී මෝටර් රථය හමු වූ ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරකින් ගලක් මත තිබී වෛද්‍යවරයාගේ මළ සිරුර හමු වී ඇත.
මියගොස් සිටි වෛද්‍යවරයා සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය මහියංගණය මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහියංගණය රෝහලට සිරුර රැගෙන යෑමට නියමිතව තිබිණි. මහියංගණය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ඩබ්. ආර්. ජේ. රෝහණ මහතාගේ උපදෙස් මත මහියංගණය පොලිස් ස්ථානාධිපති ආර්. එච්. එම්. එන්. ඩී. හේරත් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කියා සිටින්නේ මියගිය වෛද්‍යවරයා සිය රාජකාරිය නිසි ලෙස ඉටු කළ අයකු බවයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
21-08-26
21-08-26
15-08-26
15-08-26
13-08-26
13-08-26
10-08-26
10-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
31-07-26
31-07-26