hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 11, ප.ව. 2:15



කන්තලේ – පේරාරු ප්‍රදේශයේ සහ කන්තලේ – රාජඇල ප්‍රදේශයේ දරුවන් දෙදෙනකු පැවති අයහපත් කාලගුණික තත්ත්ව‍යෙන් ජීවිතක්ෂයට පත් වූ බව එම දරුවන්ගේ දෙමාපියන් පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක් සහ මාස 02ක් වන බිළිඳෙකු බවයි පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් වෛද්‍ය මාධව ධර්මදාස සඳහන් කළේ මියගිය මාස 02ක් වන බිළිඳා මීට ඉහත දී ත්‍රිකුණාමලය රෝහලේ නේවාසිකව පෙනහලු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවයි.

මේ අතර පවතින අධික ශීතල කාලගුණයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම අතිශය වැදගත් බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

කුඩා දරුවන් ශීතලයෙන් ආරක්ෂා කරගැනීමට ඔවුන්ට ඝනකම රෙදිවලින් ආවරණය කර, මේස් ආදිය පැළැඳවීම උචිත බව ද වෛද්‍යවරයා සඳහන් කළා.