hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 24, ප.ව. 4:21



යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේදී පංච පුද්ගල ඝාතනය සිදුකල බවට සැකකෙරෙන සැකකරු අත්අඩංගුවට ගෙන දින දෙකක් රැඳවුම් භාරයේ තබා ප්‍රශ්න කිරීමට ලැබුනු අධිකරණ නියෝගය මත මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකරන බවට යාපනය පොලීසිය පවසනවා.

අදාල ප්‍රශ්න කිරීම් වලදී සැකකරුගේ තොරතුරු වලට අනුව ඝාතනය සිදුවූ නිවස ආසන්නයේ තිබූ ළිඳක තිබී තියුණු ආයුධයක් සහ සරමක් අද (24) සොයා ගැනීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර අදාල තියුණු ආයුධයෙන් මෙම ඝාතනයන් සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකපල කර සිටිනවා.

මේ අතර නෙඩුන්තීවූ වැසියන් පිරිසක් විසින් අද (24) නෙඩුන්තීව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වෙමින් ඉල්ලා සිටියේ වහාම ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටයි.

එහදී විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසා සිටියේ ඩෙල්ෆ් දූපතට පටස්තර ප්‍රදේශයන්හි සිට සංචාරකයින් බොහෝ පිරිසක් පැමිණියද ඔවුන් පරික්ෂා කිරීමක් හෝ නිසි විධිමත් නිරීක්ෂණයක් මේ දක්වා සිදු නොකෙරෙන අතරම පොලීසිය හා ආරක්ෂක අංශ එක්ව ආරක්ෂක වැඩපිළිවලක් වහාම දියත් කල යුතු බවටත්ය.

එමෙන්ම ඩෙල්ෆ් දූපතේ පිහිටි සියලු පොදු ස්ථාන සංචාරක ස්ථාන වෙතට සී.සී.ටී.වී කැමරා සවිකොට පැමිණෙන සංචාරකයින් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවලක්ද වහාම දියත් කල යුතු බවටත් පසුගියදා සිදුවූ ඝාතනයන් හේතුවෙන් බොහො පිරිසක් දැඩි භීතියෙන් පසුවන බවටත්ය.

මෙහිදී විරෝධතා කරුවන් විසින් නෙඩුන්තීවු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මාර්ගයෙන් පොලිස් ස්ථානයන් වෙතට ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයන් යැවීමට පියවර ගත් අතරම අදාල ඉල්ලීම් වලට කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවටද පවසා සිටියා.