hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 04, පෙ.ව. 3:12



දිවයිනට බල පවත්නා වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස ඔසවා ඇති බවත් වසර 12කට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුල පැතිර යමින් පවතින බවටත් සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කලා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් තිස් දහස් හාරසිය විසි පහක් වාර්තා වී ඇති බවයි.

මෙවන් පසුබිමක නිවෙස් සහ අවට පරිශ්‍රයන් පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

“බාහිර පරිසරය වගේම දැන් ගෙවල් ඇතුළේ බෝවීම සඳහා මදුරුවන් අනුවර්තනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය ශ්‍රීෂ්ම සමයේ අධික අපි දන්නවා ගොඩක් අය භාවිතා කරා සිසිලකරණය. ඒක කාමරයේ ඒකට අයිස් වතුර හරි, අයිස් කැට, අයිස් වතුර දැම්මහම කාමරය සිසිල් කරනවා. ඉතින් අපේ පරීක්ෂණ වලදී ඩෙංගු රෝගීන් වාර්තා වෙච්ච නිවෙස් සොයා ගෙන ගියහම අපි දැක්ක දේ තමයි, මෙම ඒකකවල ඇතුලේ අපි ඇරලා බලනකොට ඒ වතුරේ මදුරුවන් බෝ වෙනවා. මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස අපි දකිනවා එකම ගෙදරින් පොකුරු වශයෙන් මතුවීමේ ස්වභාවයක්.”