hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2023 ජූනි 16, පෙ.ව. 2:57



සති තුන හතරක කාලයකට ඇඟ වැහෙන ඇඳුමක් ඇඳගෙන පාසල් ඒමට දරුවන්ට අවස්ථාව සලසා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසනවා.

පාසල් දරුවන්ව මදුරු විකර්ෂක ගැන දැනුවත් කළ යුතු බවත් දරුවන්ට මේ කාලසීමාව තුළ විශේෂිත ඇඳුමක් නොවුණත් තියෙන ඇඳුමකට හෝ අවසර ලබා දිය යුතු බවත් ඇය සඳහන් කළා.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කළ බස්නාහිර පළාත් අනු කමිටුව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) රැස්වුණා.