hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මැයි 04, පෙ.ව. 1:43



දිවයිනට බල පවත්නා වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස ඔසවා ඇති බවත් වසර 12කට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුල පැතිර යමින් පවතින බවටත් සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කලා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් තිස් දහස් හාරසිය විසි පහක් වාර්තා වී ඇති බවයි.

ඒ අතරින් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින්.

ඩෙංගු වැළඳීමෙන් වසරේ මේ දක්වා මියගොස් ඇති පුද්ගලයින් ගණන 25ක්.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු වැඩි අවදානම් තත්වයක තමයි පත්වෙන්නේ. ඊට අමතරව අප කළුතර දිස්ත්‍රික්කය සහ මඩකලපුව දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලත් ඩෙංගු අවදානම් තත්වයක් ඇති වෙමින් පවතිනවා. ඉදිරියේදී ඇතිවන වර්ෂා කාලයේදී අනිවාර්යයෙන්ම තවදුරටත් ඩෙංගු රෝගීන් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. එතකොට ඉහළ මට්ටමකින් තමයි මේ ඩෙංගු රෝගීන් වැඩිවීම පටන් ගන්නේ. අපි හරියට පාලනය කර ගත්තේ නැත්නම් සමහරක් විට වසංගත තත්වයකට පත් වෙන්න පුළුවන්.

ඒවට උණක් තියෙනවා නම් ඔබ ලබා ගත යුත්තේ පැරසිටමෝල් කියන ඖෂධය පමණයි. සමහරක් වෙලාවට අපේ ජනතාව අතර වැරදි මතයක් සහ වැරදි පුරුද්දක් තියෙනවා වේදනා නාශක ඖෂධ භාවිතා කරන්න. උණ රෝගය ඉක්මනින් සමනය කර ගැනීම සඳහා. ඩෙංගු වගේ රෝගයේදී, වේදනා නාශක ඖෂධ භාවිතා කිරීම අතිශයින් භයානකයි. මොකද ඒක ඩෙංගු රෝගයේ සංකූලතාවයන් වලට නැත්නම් අභ්‍යන්තර රුධිර ගණනයක් පවා පරිවර්තනය වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ජීවිතය කෙළවර වෙන ඉතාම ඛේදාන්තයක් දක්වා පත්වෙන්නත් පුළුවන්. වේදනා නාශක ඖෂධ සහ ස්ටෙරෝයිඩ ගණයේ කියන ඖෂධ ලබා අපි කිසිසේත්ම නිර්දේශ කරන්නේ නැහැ. උණ පාලනය වෙන්නේ නැත්නම් පැය හතළිස් අටක් යනකන් ඔබට උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි.