hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 05, ප.ව. 8:54



පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එක්දින සහ සාමාන්‍ය සේවා ගුවන් ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අද (05) දිනයේ සිදු නොකරන බව දැනුම් දීමත් සමඟ එහි පැමිණ සිටි පිරිස විරෝධතාවයේ නිරත වුණා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ දැනුම් දුන්නේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්ත හේතුවෙන් එහි ප්‍රධාන කාර්යාලයේ ඇතුළු සියලුම ශාඛාවල අද දිනයේ අයදුම්පත් භාර ගැනීම සිදුනොවන බවයි.

ඊට අමතරව, අනෙකුත් සේවා කටයුතු දහවල් 12.30 දක්වා සීමා වන අතර ඉන් අනතුරුව එම සේවාවන් සඳහා අවකාශ හිමිවන බවයි ඔවුන් දැනුම් දුන්නේ.

පසුගිය සඳුදා පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් අගහරුවාදා දින සිය සේවා කටයුතු සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් ඔවුන් පසුව කියා සිටියේ පරිගනක පද්ධතියේ නඩත්තු කටයුතු අවසන් බැවින් ඊයේ යළි සේවා ආරම්භ කර බවයි.

මේ අද පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ සිටි පිරිස මාර්ගයට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

එමෙන්ම, මෙම පිරිස ප්‍රධාන කාර්යාලය තුළද නොසන්සුන්කාරි ලෙස හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.