hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 25, පෙ.ව. 12:07



කොවිඩි වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන Desease X වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

ලොව පුරා විනාශයක් ඇති කළ හැකි අනාගත Desease X  සමඟ කටයුතු කිරීමට ලෝකය තවමත් සූදානම් නැති බවත් එය මාරාන්තික විය හැකි බවද WHO අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus අනතුරු අගවයි.

හරියටම වසර හයකට පෙර ලෝකය නව වසංගතයකට සූදානම් නැති බව තමන් සදහන් කළ බවත් වසංගතයක් ඕනෑම වේලාවක සිදුවිය හැකි බැවින් එයට තමාගේ කනස්සල්ල ප්‍රකාශ කරන බවද WHO අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus සදහන් කරයි.

මෙම රෝගය දැනටමත් සතුන් අතර පැතිර යමින් තිබිය හැකි අතර එය කුමන මොහොතක හෝ මිනිසාට සම්ප්‍රේෂණය වී ගෝලීය වසංගතයක් ලෙස පැතිර යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය විද්වතුන් විසින් අනතුරු අගවයි.

Desease X රෝගය පැතිර යන ශ්වසන රෝගයක් විය හැකි බවත් එම රෝග කාරකය දැනට සංසරණය වෙමින් පවතින්නක් හෝ නව රෝගකාරකයක් හේතුවෙන් හටගන්නක් විය හැකි බව වෛද්‍යවරුන්ගේ අදහස වේ.

වර්තමාන ප්‍රමුඛතා රෝගවලට කොවිඩි සහ ඉබෝලා වැනි හුරුපුරුදු රෝග ඇතුළත් වන අතර Disease X සංකේතවත් කරන්නේ නොදන්නා විරුද්ධවාදියෙකුගේ තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: