hit counter

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2024 මාර්තු 31, පෙ.ව. 12:12



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ මාස කිහිපයක් පුරා අඛන්ඩව ක්‍රියාත්මක වූ යුක්තියේ මෙහෙයුම අවසන් වන්නේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන් අතුගා දැමීමෙන් පසු පමණක් බව පොලිස්පති වරයා සඳහන් කළා.

එසේම සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම ක්‍රියාන්විතය අතර මැද නවතා දැමුවහොත් රට නැවතත් තිබූ තත්ත්වයට පත් විය හැකි බැවින් ඒ සම්බන්ධව නිවැරදි අවබෝධයකින් යුතුව කටයුතු කරන බවත් පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: