hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 01, පෙ.ව. 12:19



කිසිදු රටක් සමග සිය ආණ්ඩුවට සමීප මිතුරුකමක් නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

ආණ්ඩුවක් ලෙස විවිධ ක්‍රියා මාර්ග ගැනීමට සහ ගිවිසුම්ගතවීමට සිදුවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් ඒ කිසිවක් මේ රටේ ජනතාවට අවාසි වන ආකාරයට සිදු නොකරන අතර සාකච්ඡා කොට විනිවිදභාවයෙන් යුතුව සිදුකරන බව එරංග ගුණසේකර අවධාරණය කරයි.

බලයට පත්වීමට පෙර ඉන්දියානු මැදිහත්වීම්වලට එරෙහිව දැඩිව පෙනී සිටි ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් අනතුරුව කොළඹ ඩොක් යාර්ඩ් ආයතනය ඉන්දියානු රජයට අනුබද්ධිත සමාගමක් වෙත බදු ලබා දීම පිළිබඳ කොළඹ දී මාධ්‍ය විමසූ විට ඊට පිළිතුරු ලබා දෙමින් නි. ඇමතිවරයා මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: