hit counter

2026 නොවැම්‍බර් මස 25 වන බදාදා

2026 නොවැම්‍බර් 25, පෙ.ව. 12:11



ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය තවමත් ඇත්තේ 2018 වසරේ තිබූ තත්වයටත් වඩා පහළින් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.

ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට ගමන් කර ඇතත් එහි ප්‍රතිලාභ තවමත් සාමාන්‍ය ජනතාවගේ සාක්කුවට දැනෙන මට්ටමකට පැමිණ නොමැති බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය කාලයේ පැවති පෝලිම් යුගය, විදුලි කප්පාදුව, 70% දක්වා ඉහළ ගිය උද්ධමනය සහ 20% පමණ වූ ඉහළ පොලී අනුපාත වැනි අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදී රට යම් ආර්ථික ස්ථාවරත්වයකට පැමිණ ඇති බවද හෙතෙම ප්‍රකාශ කරයි.

කෙසේ වුවද මේ වන විට උද්ධමනය 8.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් 2021 වසරට සාපේක්ෂව බැලීමේදී සාමාන්‍ය බඩු මල්ලක මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් බලන විට ගෙවුණු අවුරුදු පහක කාලය තුළ මිල ගණන් දෙගුණයටත් වඩා වැඩි වී ඔවුන්ට සහන හිමිවී නැති බව ඔහු සඳහන් කරයි.

ජනතාවගේ සාක්කුවට දැනෙන පරිවර්තනයකට යෑමට නම් ආර්ථික වර්ධනයක් අවශ්‍ය බව පෙන්වා දෙන හෙතෙම ආර්ථික පරිවර්තනයකට යෑමට මේ තත්ත්වය කිසිසේත් ප්‍රමාණවත් නැති බව සඳහන් කරයි.

රටේ ආර්ථික වර්ධනය අවම වශයෙන් 7-8% කරා යොමු විය යුතු වුවත් දැනට රටේ පවතින ආර්ථික වර්ධන වේගය 4.2%ක් බවද 2018 පැවති තත්ත්වයටත් වඩා පහළ මට්ටමක දළ දේශීය නිෂ්පාදිතය පවතින බවද ධනනාත් ප්‍රනාන්දු වැඩි දුරටත් අනාවරණය කළේය.

හිරු සලකුණ දේශපාලන වැඩසටහ සමග එක්වෙමින් ධනනාත් ප්‍රනාන්දු මෙම අදහස් පළ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: