hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 මාර්තු 02, ප.ව. 12:45



රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් වන නඩුව අද (02)  දිනයේ කැදවූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව වාර්තා වෙනවා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ  අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා හා අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥවරුන් අතර මෙසේ උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබෙනවා.

මේ අනුව නඩු වීභාගය පසුවට කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.