hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2022 ජූනි 14, පෙ.ව. 1:54



දන්සල් ආශ්‍රිතව පාචනය රෝගය ශීඝ්‍රයෙන් පැතිර යෑමට ඉඩ ඇති නිසා දන්සැල් දෙන හා භුක්ති විඳින්නන් ඒ බව සිහි සිහි තබා ගෙන දන්සල් වලට සහභාගි විය යුතු බවත් කොතෙක් ඉන්ධන ගැටලු තිබුණත් පොසොන් පෝය දින හා ඊට පසුදින පවත්වන දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණෙන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මෙවර පැවැත්වීමට නියමිත දන්සල් පිළිබඳව මාධ්‍යයට මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කළා.

එහිදී ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළා,

“පසුගිය වෙසක් පුන් පොහෝ දිනයට සාපේක්ෂව මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් දන්සල් බොහෝමයක් තිබෙනවා. ඒවා ලියාපදිංචි කිරීමට විශේෂ සැලසුමක් දියත් කර නැති වුවත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉන්ධන ගැටලුව තදින් තිබුනත් අපේ නිලධාරීන් දන්සල් වල ආහාර පරීක්ෂාවට යෑමට තීරණය කලා. දන්සල් ආශ්‍රිතව පාචන රෝගය ව්‍යාප්තිය ඉතා තදින් සිදුවිය හැකියි. මේ දිනවල රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වය ගැන හැමදෙනාම අවධානයෙන් කටයුතු කළ යුතුයි. රෝහල් තුළ ඖෂධ සංචිත ඉතාම අවම මට්ටමක පවතින්නේ. අවාසනාවන්ත ලෙසින් යම් රෝගයක් ව්‍යාප්ත වුවහොත් ඇතිවන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්න කියලා දන්සල් දෙන අයගෙන් වගේම පෝලිම්වල සිට ඒවා භුක්ති විදින දෙපාර්ශවයෙන්ම අපි ඉල්ලනවා. දන්සල් දීම සදහා උපදෙස් ලබා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් සම්බන්ධ කර ගන්නවා නම් ඒ සදහා උපදෙස් ලබා දීමට අපි කටයුතු කරනවා.”