hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 15, පෙ.ව. 11:26



සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා බෞද්ධ ඉතිහාසය පිළිබඳව අනවබෝධයෙන් අදහස් ප්‍රකාශ කර ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ‍ බුදුන් වහන්සේ පවා රජවරුන්ට අනුශාසනා කළ බවයි.

එහිදී උන්වහන්සේ මෙසේ සිටියා,

“ආගම දහමට අකුල් හෙළන අය පිළිබඳව නඩුකාරයෙක්, මන්ත්‍රීවරයෙක් ඒ වගේම පක්ෂයක ප්‍රධානියෙක් විග්නේෂ්වරන්. එයා කියනවා හාමුදුරුවෝ මොකටද අපිට උපදෙස් දෙන්න කෑ ගහන්නේ. අපේ ආගමේ එහෙම වෙන්නේ නෑ කියලා. එයා දන්නේ නැතුව ඇති මේ රට රැකලා මොන තරම් භික්ෂූන් වහන්සේලා දිවි දුන්නා ද ? එදා ඉඳලා ලොව්තුරා බුදුහාමුදුරුවෝ පවා රජගොල්ලන්ට අවවාද කරා. අනුශාසනා කරා. ඒක අපේ යුතුකමක්. අපි නිකම්ම දානේ ටික වළඳලා නිකම් ඉන්න එක යුතුකමක් නෙමෙයි. මේ රට රැක ගන්න ඕනේ. මේ ජාතිය රැකගන්න ඕනේ. සම්බුද්ධ ශාසනය රැකගන්න ඕනේ. විග්නේෂ්වරන් මහත්තයා ඒ බව දන්නේ නැතුව ඇති.”

රටේ ඉතිහාසය පිළිබඳව ද විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා නිවරදි අවබෝධයක් බලාගත යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසනවා.

“එතුමා කියනවා මහා වංශය, ථූප වංශය, චූල වංශය මේවා වැඩකට නැහැ, නියම කරුණු අන්තර්ගත නැහැ. මහා විශාල මුණිවතුන් ගෙනැවිල්ල මණ්ඩලයක් හදලා නැවත ඉතිහාසය ස්ථාපනය කරන්නට ඕනේ, ලියන්න ඕනේ කියලා. ඒත් එතුමා දැන්නේ නැහැ, මහා වංශය කොයි කාලයේ ඉඳලා පැවත එනවාද කියලා. චූල වංශය කොයි කාලයේ ඉඳලා පැවත එනවාද කියලා. ඒ වගේම ථූප වංශය.. මේ විදිහේ පුරාණ පොත්පත් ගැන එතුමා දන්නේ නැහැ. එතුමා එයාගේ හින්දු ආගම ගැන දන්නවා. මේ බුද්ධ ධර්මය ගැනවත්, සිංහලේ පැවතීම් ගැනවත් එතුමා දන්නේ නැතුව ඇති. දකුණු ඉන්දියාවේ මොන තරම්නම් විශාල පීඩනයක් මේ ශ්‍රී ලංකාවට මොන වාර ගණනක්, ද්‍රවිඩ අයගෙන් මේ ලංකාවට මහ කරදර… ඒ අයගේ බලය ලබාගන්න කටයුතු කළාද කියලා. ඒ නිසා මේ විදිහට කතා කිරීම පිළිබඳ අපි කනගාටුවට පත්වෙනවා අපි භික්ෂූන් වහන්සේලා විදිහට.”