hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 මැයි 25, පෙ.ව. 11:21



හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය යළි ගොඩගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව, අදාළ දේහය ගොඩගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන් අතර එය මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමේ සිදු කෙරෙන බව වාර්තා වෙනවා.