hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2023 මැයි 25, ප.ව. 8:28



කෝටිපති ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර්ගේ මළ සිරුර පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් ඉදිරියේදි අද (25) පෙරවරුවේ ගොඩ ගෙන සවස කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය මෘත ශරිරාගාරය වෙත ගෙන එන ලැබුවා.

බොරැල්ල පොදු සුසාන භුමියේ  මිහිදන්කර තිබු ඔහුගේ දේහය අධිකරණ නියෝග මත අද ගොඩගනු ලැබුවේ  මරණය සිදුව ඇති ආකාරය නිශ්චිතව තහවුරු කර ගැනිම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්විම සඳහායි.

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී.පෙරේරා කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර යන මහත්වරුන් ඇතුලු පංච පුද්ගල අධිකරණ වෛද්‍ය  නිලධාරි මණ්ඩලයක් හමුවේ කරාපිටිය රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතයි.