hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 25, පෙ.ව. 9:56



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ රසපරීක්ෂක වාර්තාවේ ඔහුගේ ජෛව සාම්පල හෙවත් DNAවලට අමතරව හමුවූ ආගන්තුක ජෛව සාම්පල පරීක්ෂා කිරීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩා විචාරක බ්‍රයන් තෝමස් යන අයගේ ජෛව සාම්පල සැසඳීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග නිකුත් කළා.

මීට පෙර එම ආගන්තුක ජෛව සාම්පල සැසඳීම සඳහා බොරැල්ල කනත්තේ මුරකරුවන්, පොලිස් නිලධාරියෙකු ඇතුළු සිවු දෙනකුගේ ජෛව සාම්පල ලබා ගෙන පරීක්ෂණ සිදු කළ ද එම ජෛව සාම්පල මෙම ආගන්තුක ජෛව සාම්පල හා සැසඳෙන්නේ නැති බවට වාර්තාව ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එසේ ම, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා ඊයේ දින අධිකරණයේ පෙනී සිටිමින් දැනුම් දී සිටියේ මෙහි අවසාන වාර්තාව ලබා දීම සඳහා තවත් ලේඛන රැසක් අවශ්‍ය වන බව ත් රජයේ රස පරීක්ෂණ වාර්තා කිහිපයක් තව ම පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය වෙත ලැබී නොමැති බවයි.

ඒ අනුව, අදාළ සියලු ලේඛන නැවත වරක් පරීක්ෂා කර බලා වෛද්‍ය මණ්ඩලය වෙත ලබා දීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත දැනුම් දී සිටියා.

අනතුරුව මෙම නඩුව නැවත ලබන 8 වන දින කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළා.