hit counter

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2022 ජූලි 21, ප.ව. 6:22



නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරෙනවා.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිවුරුම් දීම සිදු කිරීමට නියමිතයි.

මේ අතර වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නා.

එමෙන්ම සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ තිබෙනවා.