2022 අගෝස්‍තු 04, පෙ.ව. 8:49
ඊයේ(03) පැවැති පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන්ගත කෙරුණු ඩ්‍රෝන යානයක් ඊයේ (3) පෙරවරුවේ දියවන්නා ඔයට හදිසියේම කඩාවැටී අනතුරට ලක්වී තිබෙනවා.
හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එම ඩ්‍රෝන යානය කඩා වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.
එම යානය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් යොදවා ඇතැයිද ඔහු සඳහන් කළා.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන යානා කිහිපයක් දැනට යොදවා තිබෙනයා.
මේ අතර පාර්ලිමේන්තුවට පිටස්තර සතුරු ඩ්‍රෝන යානා පැමිණීම වැළැක්වීම සඳහා ප්‍රති ඩ්‍රෝන පද්ධතියක් පසුගිය කාලයේදී එහි ස්ථාපනය කෙරුණා.
2025 මාර්තු 18, ප.ව. 2:42
2025 මාර්තු 18, ප.ව. 2:12
2025 මාර්තු 18, ප.ව. 12:20
2025 මාර්තු 18, ප.ව. 12:17
2025 මාර්තු 18, ප.ව. 12:04