hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:04



දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ දැනට මාස 10කට වැඩි කාලයක් තිස්සේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැති වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.බී.එම්. කොස්තා මහතා පැවසුවේ පළාත් සභාව මගින් පාලනය වන ප්‍රධාන රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවයි.

දෙහිඅත්තකණ්ඩිය, පොතුවිල්, මහඔය, කින්නියා, මුතූර් ඇතුළු මූලික රෝහල් සියල්ලේ ම විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කළ ද, මෙතෙක් ඊට පිළිතුරක් ලබාදීමට අමාත්‍යංශය සමත් වී නැති බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

විශේෂඥ වෛද්‍යවරුන් යොමුකිරීම පිළිබඳ නිශ්චිත වගකීම දරන සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ මෙය රට පුරා පවතින තත්ත්වයක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: