hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 20, පෙ.ව. 8:04



දේශපාලන පක්ෂයක් වූ ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත කුමාර රණසිංහ මහතාගේ අරඹේපොල ගමන්වත්ත පිහිටි නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයාට අසල්වැසියකු වෙඩි තබා මරා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොතුහැර පොලිසිය පවසනවා.

රණසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලට අනුව අසල්වැසි පුද්ගලයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බව පොලීසිය සඳහන් කළා.

රාත්‍රී කාලයේ ගෙවත්තට පැමිණි වල් ඌරකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදු කළ බවත් සුනඛයකු බව දැන ගත්තේ නම් මෙම වෙඩි තැබීම සිදු නොකරන බවත් එම අසල්වැසි පුද්ගලයා පොලීසියට පවසා ඇතැයි වාර්තා වනවා.

සුනඛයාට වෙඩි තබා මරා දැමීමට යොදා ගත් බව කියන බෝර 12 වර්ගයේ ගිනි අවිය එම අසල්වැසි පුද්ගලයාට වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ලබාදී තිබු ගිනි අවියක් බවත් ඒ සඳහා බලපත්‍රයක් තිබෙන බවත් පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළා.