hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 23, පෙ.ව. 5:31



රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ‘සුහුරු’ කාඩ්පත් මාස කිහිපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්‍ෂ 10 කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බව වාර්තා වනවා.‍

ඕස්ට්‍රෙිලියාවෙන් ආනයන කරන මෙම ‘සුහුරු’ කාඩ්පත් සඳහා ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකු සතුව යූරෝ ලක්‍ෂ හයක් නොමැති වීම මෙම තත්වයට හේතුව බවයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට මාස කීපයකට පෙර එම කාඩ්පත් ඇනවුම්කර තිබුණ ද, ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

නව රියදුරු බලපත්‍ර සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා මේ වන විට තාවකාලික රියදුරුපත් නිකුත් කරන බවයි වාර්තා වන්නේ.