hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 14, පෙ.ව. 3:41



මෙරට ලියාපදිංචි එක්කෝටි විසි හත් ලක්ෂයකට අධික රියැදුරු බලපත්ලාභීන් අතරින් එකොළොස් ලක්ෂ විසි දෙදහස් හාරසිය දහඅට දෙනකු කාන්තාවන් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතරින් බර වාහන පැදවිය හැකි කාන්තාවන් දෙදහස් අසූ දෙදෙනකු සිටින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

2010 වසරේ දෙසැම්බර් 31 වන විට මෙරට කාන්තාවන් විසිතුන් දහස් හාරසිය අසූ අට දෙනකු පමණක් රියැදුරු බලපත් ලබාගෙන තිබුණත් 2020 දෙසැම්බර් 31 දක්වා වන දශකයක කාලය තුළ කාන්තාවන් රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

මෙම දශකයක කාලය තුළ පමණක් නව ලක්ෂ හතළිස් තුන්දහස් හත්සිය හතළිස් නව දෙනකු රියැදුරු බලපත් ලබාගෙන ඇතැයිද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.