hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 09, පෙ.ව. 10:47



නිසි අවසරයකින් තොරව මහනුවර, ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මහනුවර පොලිසිය සඳහන් කළේ, අදාළ චීන ජාතිකයින් දෙදෙනා ඩ්‍රෝන යානය ගුවන්ගත කිරීමට උත්සහ කරන බවට ඇතිවූ සැකයක් මත අද (08) දින උදෑසන මහනුවර පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අවවාද කර මුදාහැරි බවයි.

අදාළ ඩ්‍රෝන යානය මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එහි ශ්‍රී දළදා මාලිගාව හෝ ඒ ආශ්‍රිත ආරක්ෂිත කලාපයේ කිසිදු දර්ශනයක් නොතිබීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීමටයි පොලීසිය පියවරගෙන තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය කටයුතු කර ඇති අතර මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබීය.