hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 17, පෙ.ව. 10:13



වී කිලෝවකට අවම වශයෙන් රුපියල් 140ක ලැබිය යුතු බව ඩඩ්ලි සිරිසේන මහතා අද දින ජනාධිපතිවරයා හමු වී දැනුම් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට සහල් මෝල් හිමියන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවත්වී තිබෙනවා.

මේ වනවිට වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව එහිදී පෙන්වා දී ඇති සිරිසේන මහතා වී මිල වැඩි නොකළහොත් ගොවියා ගොවිතැන අතහරිනු ඇති බවත් සදහන් කර සිටිනවා.

එහිදී රජය විසින් රුපියල් සියයකට වී කිලෝවක් මිලට ගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් යෝජනා කළ පරිදි රුපියල් සීයක මුදලට වී කිලෝව මිලට ගැනීම ගොවියන්ට සහනයක් බව නවරත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර මහතා සඳහන් කර තිබෙනවා.

නමුත් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊට විරුද්ධ වෙමින් සඳහන් කර ඇත්තේ රුපියල් සීයකට වී මිලදී ගැනිමෙන් ගොවීන්ට අසාධාරණයක් සිදුවන බවත් ඊට වඩා වැඩි මුදලක් ගොවීන්ට ලබා දිය යුතු බවත්ය.