hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 28, ප.ව. 12:27



රජයේ කැබිනට් ඇමතිවරයෙක් වෙත යොමු කළ ලිපියක අත්සන් සම්බන්ධයෙන් ඊයේ සජීවී වැඩසටහනක උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

අරලිය සහල් ව්‍යාපාරියේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා එහිදී නිවේදකයාට කියා සිටියේ තමාගේ අත්සන ඔහු නොහදුනන බවයි.

එහිදී නැවතත් ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ අත්සන හදුනා ගැනීමට වෙලා යන්නේ නම් තමන්ට එම ලියුම පෙන්විය හැකි බවයි. තමා එම ලිපියේ හතර වැනි ස්ථානයේ අත්සන් කර ඇති බවද සිරිසේන මහතා පෙන්වා දෙනවා.

මාසේ ඇමති , මාසේ අගමැති නිසා ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදු වී ඇති බවද සදහන් කරනවා.

රුපියල් 7,500ට තිබූ වී මිටිය රුපියල් 10,000 කල නිසා තමා මිත්‍රපාල මහතා සමග ගැටුමත් ඇති කර ගත් බවද ඔහු පවසා සිටියා

එම සාකච්ජාව අතරවාරයේදී මාධ්‍යවේදීන් සමඟ ඩඩ්ලි සිරිසේන මහතා උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වුණා.

එහිදී මාධ්‍යවේදීන් කියා සිටියේ ඔබ සමග ව්‍යාපාර කරන උදවිය අපි නොවන බවත් එවැනි පාට් ඔබගේ ව්‍යාපාරිකයන්ට දමන ලෙසයි.

කාලය නාස්ති නොකර, ගැටුම් ඇති නොකර, සාකච්ජාවේ ප්‍රශ්න මඟ නොහැර උත්තර ලබා දෙන ලෙසද ඔවුන් සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: