hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 14, ප.ව. 7:09



හොරණ ඉංගිරිය මාර්ගයේ ඉංගිරිය රෝහල ආසන්නයේ පසුගිය දෙසැම්බර් 27 වැනිදා අපරික්ෂාකාරීව රිය ධාවනය කළ බරපතල අනතුරක් සිදු කළ ව්‍යාපාරිකයෙකුට ඉංගිරිය පොලීසිය පක්ෂග්‍රාහීව කටයුතු කළ බව පැවසෙනවා.

මෙම අසාධාරණයට ලක්ව ඇත්තේ ප්‍රවෘත්ති නිෂ්පාදකයකු මෙන්ම ප්‍රවෘත්ති නිවේදකයකු වන දුශ්‍යන්ත දර්ශන සහ ඔහුගේ මවයි. රාජකාරි නිම කර දුශ්‍යන්ත සිය නිවස බලා යන්නේ මග සිටි සිය මවද නංවා ගෙනයි.

මේ ආකාරයෙන් මාර්ගයේ ගමන් කළ ඔහු නිවැරදි නිවැරදි ආකාරයෙන් යතුරුපැදිය හැරවීමට යාමේදී පිටුපසින් අධික වේගයෙන් පැමිණි බොලේරෝ වර්ගයේ කැබ් රථයක් යතුරු පැදියේ ගැටී තිබෙනවා.

අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් දුශ්‍යන්ත සහ ඔහුගේ මවට බරපතළ තුවාල සිදුව තිබෙනවා.

අනතුර සිදුකර තිබුණේ හොරණ ප්‍රදේශයේ තේ වතු ගණනාවකම හිමිකරුවකු වන ව්‍යාපාරිකයෙක්.

අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටින තුවාලකරුවන්ගේ තත්ත්වය නොසලකා ඉංගිරිය පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ තුවාල කරුවන් දෙදෙනා සුළු තුවාල ලබා සිටින බවයි.

ඒ අනුව රියැදුරුට ඇප ලබා ගැනීමට පොලීසිය සහය දක්වා තිබෙනවා.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ තුවාලකරුවන් දෙදෙනාටම රුපියල් 20,000ක වෛද්‍ය වියදම් ගෙවන ලෙසයි.

නමුත් තුවාලකරුවන් දෙපළම බරපතළ තත්ත්වයෙන් පසුව ඇතැයි වෛද්‍ය වාර්තාවල ද පැහැදිලිව සටහන් කර තිබෙනවා.

තුවාල ලැබූ දුශ්‍යන්ත දර්ශන මෑතක් වන තුරුම රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර ඔහුගේ මව මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පාදයට සිදුව ඇති දරුණු තුවාල නිසා මීට දින කිහිපයකට පෙර ඇයගේ දකුණු පාදය කොටසක්ද කපා ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අනතුර සිදුකළ ව්‍යාපාරිකයාගෙන් අගතියට පත් කාන්තාව රැකබලා ගැනීමට උපස්ථාන සේවිකාවක් ඉල්ලා ඇතත් ඔහු සඳහන් කර ඇත්තේ තමා අධිකරණය නියෝග කළ රුපියල් 20,000ට අමතරව සතයක් හෝ නොදෙන බවයි.

ඉංගිරිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ අනුදැනුම හා උපදෙස් මත එම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් මෙම කූට ක්‍රියාව සිදුකර තිබෙන බවට අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් චෝදනා කරනවා.