hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 28, ප.ව. 4:40



ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් යන ප්‍රාන්තවල එළැඹෙන සතියේදී රිච්ටර් පරිමාණ අටක් පමණ විශාලැති භූ චලනයක් සිදුවිය හැකි බවට ඉන්දියාවේ භූ චලන විමර්ශන ආයතනය අනතුරු අඟවා තිබෙනවා.

රිච්ටර් පරිමාණ අටක පමණ වූ මහා පරිමාණ භූ කම්පනයක් ඇති වුවහොත් එහි බලපෑම කොළඹ ප්‍රමුඛ ප්‍රදේශ ගණනාවකට බලපාන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවා.

සාමන්‍යයෙන් භූ කම්පන සිදුවන වකවානු සම්බන්ධයෙන් අනාවැකි පළ කළ නොහැකි නමුත් ඒවා සිදු විය හැකි කලාප මෙන්ම බලපෑම් ඇති විය හැකි කලාප හඳුනා ගත හැකි බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ලංකාව තුළ භුකම්නපයක් සිදු වුවහොත් එහි බලපෑම ත්‍රිකුණාමලය, මනම්පිටිය, මිනිපේ, බිබිල, මොනරාගල, බුත්තල, වැල්ලවාය ඔස්සේ මෙන් දකුණට අම්බලන්තොට, උස්සන්ගොඩ දක්වා පැතිර යා හැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරනවා.

හිමාචාල් ප්‍රදේශයට අයත් ඉන්දියානු තැටිය ආශ්‍රිතව ලංකාව පිහිටා ඇති නිසා එම තැටියේ සිදු වන වෙනස්කම් ලංකාවට බලපෑම් කළ හැකි බව ඔහු සඳහන් කරනවා.