hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 22, පෙ.ව. 4:26



ලංකා ගොඩබිම අවුරුදු බිලියන 550ක් වයසයි.  අපේ රටේ භූමිය භූ විද්‍යාත්මකව ඉතාමත් ස්ථාවර භූමියක්. ඒ වගේම ලංකා ගොඩබිමේ සක්‍රිය පැළුම් දක්නට ලැබෙන්නේත්  නැහැ වගේම භූ තැටි මායිමක පිහිටලත් නෑ. ලෝක භූ කම්පා සිතියමේවත් ලංකා ගොඩබිම මත ප්‍රබල භූ කම්පාවක කේන්ද්‍රයක් පිහිටලා නැහැ.  අතීතය දිහා විශ්ලේෂණය කර බැලුවත් ශ්‍රී ලංකාවේ ජනතාව අනිසි බියක් ඇතිකරගත යුතු නැහැ. පොළොව හෙල්ලුණාට විනාශකාරී කිසිදෙයක් සිදු වන්නේ නැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය උදේනි අමරසිංහ මහතා පැවැසුවා. 

කිරින්ද ප්‍රදේශයේ ඇතිව ඇති භූ චලන තත්ත්වය සම්බන්ධයෙන්  මාධ්‍ය දැනුවත් කිරීමට පේරාදෙණියේදී පැවැති මාධ්‍ය  හමුවේදී ඔහු එසේ පැවැසුවා.

මහචාර්යවරයා මෙසේද සඳහන් කර සිටියා,

“ලෝක භූමිකම්පා පද්ධතියේ දත්තත් සමඟ විශ්ලේෂණය කළාම පෙනෙන්නට තියෙනවා. ශ්‍රී ලංකාව අයිති වෙන්නේ ඕස්ට්‍රේලියානු භූ තැටියට හා බටහිරින් තියෙන අප්‍රිකානු භූ තැටිය උතුරින් තියෙනවා යුරේෂියානු භූ තැටිය අප්‍රිකානු භූ තැටියෙන් තදින් තෙරපෙන ප්‍රදේශයක් වන අරාබි ප්‍රදේශයේ පසුගිය පැය 24 තුළ භූමි කම්පා දෙකක් සිදු වෙලා තියෙනවා රිච්ටර් මාපකයේ 5.5 ටිකක් වැඩියෙන්. මේ භූමි කම්පා දෙක තමයි ලංකාවට යම්කිසි සන්නිවේදනයක් ඇති කරලීමට හේතු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 3000ක් පමණ වයඹ දිසාවෙන් තමයි මේ භූ කම්පන දෙක ඇතිවෙලා තියෙන්නේ. එම භූ කම්පා දෙක ඔස්සේ පිටවුණු අන්නයම තිරයක් හා පෘෂ්ටිය කියන භූ කම්පන තරංග පෘථිවි කබල දිගේ ගමන් කරලා ප්‍රබල භූ කම්පන තරංග කිලෝමීටර් 3000 පමණ දුර ගෙවාගෙන ශ්‍රී ලංකාවේ දකුණුදිග ප්‍රදේශය හරහා වක්‍රව පථයක තරංග පෙරමුණක් ලෙස ගමන් කරද්දී  ප්‍රබලතාව අඩුවෙලා දුබලව කිරින්ද, පලටුපාන ප්‍රදේශයට දැනුණා. ඒ තත්ත්වය සාමාන්‍ය දෙයක්. භූකම්පන තරංග අපිට බලපානවා. හැබැයි විනාශකාරී තත්ත්වයක් ලෙස නෙවෙයි රිච්ටර් මාපක 2.6ක් හා 3.00 ලෙස තමයි මේ සිදුවීම අපිට දැනිලා තියෙන්නේ.

 ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනතාව වැල්ලවාය, බුත්තල සිද්ධියේදී වගේම තේරුම් ගන්න අපේ රටේ පොළොව ඉතාමත් වාසනාවන්ත පිහිටීමක් තියෙන්නේ. ඉන්දු, ඕස්ට්‍රේලියානු භූ තැටියේ හරි මැද තියෙන්නේ. අපි ගොඩාක් දුරයි භූ තැටි මායිම්වලට. ඒ නිසා භූකම්පා කේන්ද්‍ර  ඇතිවන්නේ නෑ. ලංකා ගොඩබිම වයස ගොඩාක් ඉහළයි. ජපාන, නවසීලන්ත ගොඩබිම් වගේ සමඟ ගනිද්දී ලංකා ගොඩබිම අවුරුදු බිලියන 550ක් වයසයි. ජපන් ගොඩබිම අවුරුදු මිලියන 40ක් පමණයි වයස. ලෝකයේ පිහිටීම අනුව අපේ රට ස්වභාවධර්මයේ හැටියට ලෝකයේ හොඳම ගොඩබිම හැටියට මායිම් කරලා තියෙන්නේ, ශ්‍රී ලංකාව මිසක් වෙන කිසිම දූපතක් නෙවෙයි.

ශ්‍රී ලංකාවට උතුරින් තියෙන භූ තැටි මායිම තමයි හිමාලය කඳු වැටිය. භූ තැටි මායිම ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටිය යුරේෂියානු භූ තැටියත් එක්ක තදවෙනවා. භූ කම්පන කේන්ද්‍ර  හිමාලය ආශි්‍රතව ප්‍රබලව සිදු වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් ඒ ප්‍රදේශය ශ්‍රී ලංකාවට කිලෝමීටර් 2700ක් පමණ උතුරු දිසාවෙන් දුරයි. ඒ නිසා එම ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් ඇතිවුණා කියලා ශ්‍රී ලංකාවට කිසිදු විනාශකාරී දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා කොළඹට හෝ යාපනයට හානියක් වෙන්න කිසිසේත්ම ඉඩක් නෑ. හිමාලය ප්‍රදේශයේ රිච්ටර් මාපක 6.00කට වැඩි 6.9 කට වඩා ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති වුණත් එම තරංගවල බලපෑම ඉන්දියානු ප්‍රදේශය හරහා ලංකාව දෙසට එන විට එම පාෂාණ උරාගෙන අවශෝෂණය සිදු වෙනවා. එවිට අපේ රටට එන විට ඉතාමත් දුබලවයි එන්නේ. ඒ නිසා එහි බලපෑමෙන් කොළඹ ගොඩනැඟිලි කඩාගෙන වැටෙන්න ඉඩක් නෑ. එය කිසිම විද්‍යාත්මක පදනමක් නැති අසත්‍ය කතාවක්.”