hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 27, පෙ.ව. 1:06



ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ත් 1000 ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්. එම්. ජේ. ඒ. අජිත් ප්‍රේමා මහතා කියා සිටියේ, එම අවදානම නිසා දැන් ලංකාවට භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

ඔවුන් පවසන ආකාරයට වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 09 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මාස 04 ක් වැනි කාලයක් තුළ මෙවැනි භු චලන 09 මෙරටින් වාර්තා වූයේ පළමු වරටයි.

ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ සිදුව තිබෙනවා.