hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මාර්තු 03, පෙ.ව. 10:50



උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ මහා පරිමාණ බිත්තර ගොවිපොළකට සහ මධ්‍ය පරිමාණ ගොවිපළ 3කට එරෙහිව පාරිභෝගික අධිකාරිය නීතිමය පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ එලෙස නීතිමය පියවර ගත් බිත්තර නිෂ්පාදන ගොවිපොළ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාගේ ගොවිපොළ ද අයත් බවයි.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ අදාළ ගොවිපොළ හිමිකරුවන් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරි සතියේදී වාරියපොළ හෙට්ටිපොළ සහ නිකවැරටිය  යන ප්‍රදේශවල පිහිටි මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට පියවර ගන්නා බවයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා,

“බිත්තර 20ක් දීලා තියෙනවා. මාරු 20ක් තිබිලා නැහැ. ඒ නිසා ඒකට පොඩි බිත්තරයක් දීලා. ඊට පස්සේ පාරිභෝගික අධිකාරියෙන් ඇවිත් බිත්තර 45ට වික්කා කියලා ප්‍රකාශ කරලා. මගේ කීර්ති නාමය වෙනුවෙන් අපහාස නඩුවක් දානවා.”