hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 07, ප.ව. 1:13



ඉන්දීය තමිල්නාඩු ප්‍රදේශයේ කුරුලු උණ රෝගය පැතිර තිබෙන අවස්ථාවකදී  එරටින් මෙරටට බිත්තර ආනයනය කිරීමට උත්සාහ ගැනීම බරපතළ කාරණයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කේ.පී. ගුණරත්න මහතා පැවැසුවා.

එසේ ගෙන්වන ලද බිත්තර පරිභෝජනය කිරීම තුළින් දරුවන් ඇතුළු ජනතාවගේ සෞඛ්‍යයට ගැටලුවක් ඇතිවනවා සේම මෙරට කුකුළු කර්මාන්තය හා බේකරි කර්මාන්තය වැනසී යෑමේ තර්ජනයක් උදාවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

කුරුලු උණ රෝගය පවතින ප්‍රදේශයකින් බිත්තර ආනයනය කිරීමට උත්සාහ ගැනීම පිළිබඳව මෙරට මහජනතාවද සෑහීමකට පත්නොවන බවද ඔහු පැවැසුවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 20ක් ආනයනය කිරීම සඳහා පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

බිත්තර ආනයනය කිරීම පිළිබඳව වගකීමක් දැරීමට කිසිවෙක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් රජයෙන් සහතිකයක් ලැබෙන තුරු ඉන්දියාවෙන් මෙරටට බිත්තර ආනයනය කිරීම සුදුසු කටයුත්තක් නොවන බවද ඔහු ප්‍රකාශ කළා.