hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 23, පෙ.ව. 12:02



රුපියල් 50න් මෙපිට ජනතාවට බිත්තරයක් මිලදී ගැනීමේ අවස්ථාව අහිමි කලායින් පසුව බැදලා ගැහුවත් ගහල බැන්දත් එකයි කියමන සනාථ කරමින් ඇමතිවරයා යළිත් ගැසට් ගහලා තියෙන්නෙ ඒ ගාණටම යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවා.

අලුතින් කරළියට පැමිණි බිත්තර මිල හා සම්බන්ධ ගැසට්ටුව පිළිබදව මාධ්‍යට අදහස් දැක්වීම වෙනුවෙන් කුලියාපිටියේ කැඳවා තිබු මාධ්‍ය හමුවකදී ඒ මහතා ඒ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවා.

“රුපියල් 35ට ඉන්දියන් බිත්තරය මිල කරද්දි අපේ බිත්තර කිලෝවක් අටසිය අසූවක් කරලා තමයි ගැසට් එකේ තියෙන්නෙ. එහෙම වුණොත් ඉන්දියන් බිත්තරයක තියන ග‍්‍රෑම් ප‍්‍රමාණයත් කිරුම් බර ලෙස ගණනය කළොත් වෙන්නෙ රුපියල් 30.80ක් ඒත් ඒක රුපියල් 35යි. අපෙ බිත්තරත් මාස තුනක් කෑම කාල බිත්තර දාන්න පටන් ගන්න කාලෙ වෙනකොට බිත්තරයක් පටන්ගන්නෙ ග‍්‍රෑම් 38න්. ක‍්‍රමයෙන් තමයි බිත්තරයෙ බර වැඩිවෙන්නෙ. මේ කරපු වැඩෙන් වෙන්නෙත් ජනතාවට රුපියල් 50ට වඩා වැඩියෙන් බිත්තර කන්න. අවම වශයෙන් සුදු බිත්තර 900 ටත් රුතු බිත්තර රුපියල් 940ටත් මිළ කළා නම් සාධාරණයි. මෙවැනි ගැසට් ගහන්න කළින් නිෂ්පාදකයින්, දෙපාර්තමේන්තුව, පාරිභෝගිකයො එක මේසෙක සාකච්ජාවක් කළයුතුයි නේද? දෙපාර්තමේන්තුව කියනවනෙ රටට ඇතිවෙන්න බිත්තර ඇතිවග. අපි පුන පුනා කිව්වා. මේ පිළිබදව සාකච්ජාවකට එන්න කියලා. කිසිමදාක වෙළද ඇමති හා ඒ පාර්ශව ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.

වයඹට කිසිම දවසක පැමිණ බිත්තර නිපැයුම් මිළ විමසන්න සානුකම්පිත නොවුන ඇමති ඉන්දියාවේ ගිහින් සතිගණන් තැපලා බිත්තර ගෙනාවා. අපි අහන්නෙ ඒ බිත්තර කෝ. පසුගිය දා අපි දැක්කා කන්ටේනර් ගණනින් බිත්තර එනවා. ඒත් ඒ බිත්තර ගිය දිහාවක් නැහැ. බේකරි හිමියෝ ප‍්‍රතික්‍ෂේප කළා. බේකරි සභාපති ජයවර්ධන මහත්තයක් වයඹට ඇවිල්ලා රුපියල් 48ට ලංකා බිත්තර අරගන ගිහින්. ඇයි එතුමාටත් ඉන්දියන් බිත්තර ලැබිලා නැදද? ප‍්‍රශ්නය එතන නෙවෙයි. අපි දන්නවා ඒ බිත්තර බේකරි හිමියෝ ප‍්‍රතික්‍ෂේප කළා කේක් පිපෙන්නෙ නැහැ කියලා. ජයවර්ධන මහත්තයත් ඒක දන්න නිසානෙ බිත්තර වැඩි මිලට ගන්න ඇත්තෙ.

ඉන්දියන් බිත්තරය ග‍්‍රැම් 35ක් ගන්නෙ ආහාර ග‍්‍රෑම් 60ක් දීලා. ඒ දෙන්නෙත් මාලූ කුඩු. අපි විටමින් හා ධාන්‍ය ආදී වර්ග 17ක් ග‍්‍රෑම් 120ක් දීලා තමයි මේ ගෑම් 50ට වැඩි බරින් යුතු බිත්තරයක් දෙන්නෙ. අපේ බිත්තරය වාසි නිසා තමයි අවුරුදු දවස්වලත් බේකරි හිමියෝ වාහන පෝලිම් වයඹට ඇවිල්ලම බිත්තර 48ටත් අරංගියෙ. බේකරි සභාපතිත් 48ට බිත්තර ගෙනිහින්. අපි එතුමාට කියන්නෙත් අපිට කථා කරන්න 44 ට 46ට බිත්තර ලක්‍ෂයක් හරි දෙන්නම් කියලායි. පාරිභෝගිකයට ඉන්දියන් බිත්තරය ආවෙ නැහැ. කටු ගලවලා කෑමට තියනතැන් වල තිබුණොතින් ඇර කටුව එක්ක තියෙන තැනක නම් කිසිසේත් ගන්නෙ නැහැ. මොකද අද චීනෙ කුරුලූ උණෙන් මිනිස් මරණයක් වාර්තා වෙලා බව මාධ්‍යම ප‍්‍රචාරනය කළා. ජපානයෙ ආපනශාලා වල බිත්තර පරිභෝජනය මුළුමණින් නවත්වලා. කුරුලූ උණ නිසා. යාපනයට ඉන්දීය බිහිසුන කොරෝණා පැමිණ අවසන් බව සෞඛ්‍ය අංශ කියනවා. ඉතින් මේ අපි මවපු බිල්ලො නෙවෙයි. අපේ රට පුංචියි. හැදුනොත් මතකනෙ මීට වසර කිහිපයකට පමණ කළින් බිත්තර දමමින් සිටි කිකිළියේ ලක්‍ෂ 21ක් මරලා දැම්මා. මේදේවල් ජනතාවට මතකයි. අපි කියන්න දෙයක් නැහැ. 

ගැසට් නොගහ තිබුණනම් අද වනවිට රුපියල් 50න් මෙහා පාරිභෝගිකයින්ට බිත්තර ලැබෙනවා. දැන් ගැසට් නිසා වෙළෙන්දෝ දවල්ට බිත්තර නැහැ කියලා ?ට කසිප්පු විකුණනවා වගේ බිත්තර විකුණනවා. දඬේ ලොකු වෙන්න වෙන්න වෙළෙන්දෝ බිත්තර විකුණන ගාන වැඩිකරනවා. ඒක නිෂ්පාදකයො වෙච්ච අපේ වරදක්ද? ජනාධිපතිවරයා රටෙන් ණයක් ඉල්ලලා ගත්තෙ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරලා රට ස්වයංපෝෂිත කරන අටියෙන් විනා බිත්තර ගේන්න නෙවෙයිනෙ. මේ හදන්නෙ බිත්තර කවනවාට එහාගිය කොමිස් ප්‍රේමයක්. බේකරි සභාපති පෙනී ඉන්නෙත් ඒ වෙනුවෙන් කියලා අපි නෙවෙයි ඇතැම් බේකරි හිමියොමයි කියන්නෙ.  මේ බිත්තර තව මාස 2ක් 3ක් යනකොට ගැසටුත් ඉවරකරන් රුපියල් 30 – 35 අතර මිළකට පත්වෙනවා. මේ වනවිට අලූතින් බිත්තර වෙළදපොලට එමින් තියෙන්නෙ.”

කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර