hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 24, ප.ව. 3:39



ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලි සම්ප්‍රේෂණය ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතියකට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද(24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූවේ එම ව්‍යාපෘතිය සඳහා යෝජනා ලැබී ඇති බවයි.

මෙම යෝජනා තවමත් සාකච්ඡා මට්ටමින් පවතින බව්‍යි අමාත්‍යවරයා සඳහන් කළේ.

මුහුදු යටින් කේබල් පද්ධතියක් සම්බන්ධ කිරීම හරහා ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් වී තිබුණද එහි පිරිවැයේ ගැටලුවක් තිබූ බවත් මේවන විට overhead කේබල් එකක් පිළිබඳව සහ දුර ප්‍රමාණය අඩු කර එවැනි සම්බන්ධතාවයක් ලබා දීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා.

එම යෝජනාව පවතින්නේ සාකච්ඡා මට්ටමේ පමණක් බවයි ඒ මහතා කියා සිටියේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කර නොමැති බව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය උපරිම සේවයක් සලසන ආකාරයට වියදම් අවම කර ගෙන ජනතාවට උපරිම සේවය ලබා දෙන කාර්යක්ෂ ම ආයතන බවට පත් කිරීමට උත්සාහ දරන බවයි ඔහු වැඩිදුරටත් පැවසූවේ.