hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 14, පෙ.ව. 9:40



මැතිවරණ කොමිසමේ අතිකාල දීමනා වෙනුවෙන් මේ වසරේ පසුගිය කාලයට පමණක් රුපියල් කෝටි හයකට අධික මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙනවා.

මුදල් අමාත්‍යංශයෙන් අනුමැතිය සඳහා යොමු කළ ලේඛනයකින් මේ බව තහවුරු වෙනවා.

අනියම් දීමනා, සේවකයන් සඳහා කැඳවා ඇති විශ්‍රාමිකයන්ගේ ගෙවීම්, නිවාඩු දින දීමනා සහ ජල විදුලි බිල්පත් ඇතුළුව මෙම කාලයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් කෝටි නවයකට අධික මුදලක් මෙමගින් ඉල්ලා තිබෙනවා.

2023 අයවැය මගින් වෙන්කර ඇති මුදල්වලින් මෙම අයැදුම කර ඇති නමුත් පවතින මූල්‍ය හිඟය සහ මුදල් වෙන්කිරීමේ ප්‍රමුඛතා සැලකිල්ලට ගැනීමට සිදුවන බැවින් ඒ අයුරෙන් ම මුදල් නිදහස් කිරීම දුෂ්කර කාර්යක් වී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

රජයේ අපේක්ෂිත ආදායම් මත අත්‍යවශ්‍ය සේවා කළමනාකරණය යන තේමාවෙන් පසුගිය පෙබරවාරි 13 ඉදිරිපත් කළ කැබිනට් සටහන යටතේ මෙම මුදල් නිදහස් කිරීම් සම්බන්ධයෙන් වැඩිදුරටත් උපදෙස් පතන බව ද එහි සඳහන් වෙනවා.

මැතිවරණයක් නොපැවැත්වෙන වාතාවරණයක මෙවැනි විශාල මුදලක් අතිකාල ලෙස ගෙවීමට සිදුවන්නේ නම් මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සඳහා ඊට වඩා විශාල පිරිවැයක් දැරීමට මහජනයාට සිදුවනු ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළා.