hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 09, පෙ.ව. 12:25



ආණ්ඩුවට බහුතරයක් නොමැති පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් සඳහා මේ වන විට රු. ලක්ෂ 25 බැගින් ලංසු නියම වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එම මන්ත්‍රීවරුන් තමන් මුදලට විකිණෙන්නට සූදානම් නොමැති බව අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එසේම කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකුට රු. කෝටි දෙකක් දක්වා ලංසු තබා ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

මෙතෙක් හොරු යැයි කී පිරිස් සුද්ද කරමින් හෝදමින් තමන්ගේ පාර්ශ්වය වෙත ලබා ගැනීමට සැරසෙන බව ද පසුගිය ආණ්ඩු ද සිය බලය අහිමි වන විට කෙසේ හෝ බලය රැකගැනීම උදෙසා මෙලෙස හැසිරුණු බව දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: