hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 ජූනි 14, ප.ව. 4:16



මෙරට මැතිවරණය 2024 ඔක්තෝම්බර් 05 වැනිදා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ, ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.

එම මැතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. 

කෙසේ වෙතත් එය ජනාධිපතිවරණය ද? මහමැතිවරණය ද? යන්න නම් ඔහු ප්‍රකාශ කළේ නැහැ. 

එමෙන්ම මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් ද මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.