hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 16, පෙ.ව. 4:26



ඇප මුදල් වශයෙන් තැන්පත් කොට ඇති රුපියල් මිලියන 186ක මුදල මැතිවරණ කටයුතු සදහා මහා භාණ්ඩාගාරය හරහා මැතිවරණ කොමිසමට ලබාදිමට මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලට ඉඩකඩක් පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළා.

රජය මැතිවරණය කල්දැමිම සදහා ගන්නා උත්සාහය පරාජය කිරිම සදහා දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් විසින් ඇප වශයෙන් තැන්පත්කොට ඇති මුදල නීත්‍යානුකුල අයුරින් මැතිවරණ කොමිසමට ලබාදිය හැකි බවද හෙතෙම සඳහන් කළා.

මේ පිළිබද අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේද කියා සිටියා,

“මැතිවරණය සදහා තරඟ වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධි  කණ්ඩායම් මේ සදහා එකගනම් දිවුරුම් ප්‍රකාශයක් මගින් නිත්‍යානුකුල ආකාරයට ඇප මුදල් තමන් ආපසු ලබා නොගන්නා බවට තහවුරුවක් දීලා රජයේ ගිණුමෙන් මැතිවරණ කොමිසම් සභාවට බැරකරන ලෙස ඉල්ලිමක් කරන්න පුළුවන්. එහෙම වුනොත් මිලියන 186 මුදල මැතිවරණ කොමිසම් සභාවට මැතිවරණ කටයුතු සදහා ලබාගන්න පුළුවන්. ඉතිහාසයේ පළමු වතාවට තමයි මුදල් මත මැතිවරණයක් ප්‍රමාදවෙලා තියෙන්නේ. ආණ්ඩුවක් නිතියෙන් බැහැරව මැතිවරණයක් වැලැක්විම සදහා උත්සාහ දරපු අවස්ථාවක් මීට පෙර වාර්තා වෙලා නැහැ.

ආණ්ඩුව විසින් මේ මොහොතේ නිකුත්කොට ඇති චක්‍රලේඛන නිසා රාජ්‍ය ආයතන බය වෙලා තියෙනවා. ණය පදනම මත ක්‍රියාත්මක වෙන්න.නමුත් මෙම චක්‍රලේඛ ස්වාධින මැතිවරණ කොමිසම් සභාවකට අදාල විය යුතු නැහැ. ව්‍යාවස්ථාවෙන් ජනාධිපතිවරයා බැදිලා ඉන්නවා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. රජ්‍ය ආයතන බැදිලා ඉන්නවා මැතිවරණයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මේ චක්‍රලේඛ මැතිවරණයට අදාල වන්නේ නැහැ. නමුත් ඒ බාධකය මේ වන විට තියෙනවා. මුදල් මත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිමට කිසිවෙකුට ඉඩදිය යුතු නැහැ.”