hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 18, පෙ.ව. 5:24



ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන වියදම පසුව දෙන බවට මැතිවරණ කොමිෂන් සභාව දුන් ලිඛිත පොරොන්දුව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තමා සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා.

නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව නොදීම නිසා ඒ කටයුතු කරගෙන යාමට නොහැකිව ඇතැයිද ඇය සඳහන් කර සිටියා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශවලට ලිපි හතරක් දැනටමත් යොමුකර ඇතැයිද පවසන ඇය ඒ සඳහා පොලිස් නිලධාරීන් හැට පස් දෙනෙකු අවශ්‍ය බවද පවසනවා.

දැනට ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනකු බවද සඳහන් කර සිටියා.

“කිසිම වැඩකදී අපිට මේ වගේ චෝදනා එල්ලවෙලා නැහැ. අපි වැඩ කලේ නැහැ කියලා කතාවක් කිසි දවසක අහලා නැහැ. දැනුත් අපි වැඩ කරලා තියෙද්දි. තමයි මේ කතාව කිව්වේ.. අපි කරලා. එයා ඇහුවේ නැහැ.පටන් ගැනීමේ සිට මිලියන 200ක් ඉල්ලුවාම ලැබුණේ මිලියන 40යි.මැතිවරණ කොමිසමෙන් ඡන්ද පත්‍රිකාව අපේ ආයතනයට ගෙනාපු දවසේ ඉඳන් වැඩේ ඉවර වෙනකම් දවස් 28ක් 30ක් හෝ 40ක් වෙන්නත් පුළුවන්. ඒ අවසන් වෙනකම්ම පොලීසිය මෙහෙ රැඳී සිටිනවා.මුළු ප්‍රෙස් එක පුරාම පොලිස් පොයින්ට් 25ක් වගේ තියෙනවා. පළවෙනි ලියුමෙන්ම කියලා තියෙනවා පොලිස් ආරක්ෂාව දෙන්න කියලා. හැබැයි ඒ අය මට කවදාවත් කියලා නැහැ පොලිස් ආරක්ෂාව දෙන්න බැහැ කියලා. ආවේ නැති එකයි ප්‍රශ්නය. තාම ඉන්නේ හැමදාම ඉන්න දෙන්නා විතරයි.තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමේ චෝදනාව අපිට එල්ලවෙලා නම් මට දෙන්න තියෙන උත්තර තමයි අපිට පොලිස් ආරක්ෂාව තිබුණා නම් අපි නියමිත දිනයට ඡන්ද පත්‍රිකා ටික මුද්‍රණය කරලා දෙනවා.”

“මුදල් චක්‍රලේඛය ගැනත් මම උපදෙස් ඉල්ලලා තිබුණා. ඒ උත්තරය දුන්නේ ඊයේ පෙරේදා. ඒකේ කියනවා අත්තිකාරමක් දෙන්නේ නැහැ කියලා. හැබැයි හැමදාම අපි කරන වැඩේ වටිනාකමින් භාගයක් අත්තිකාරමක් හැටියට දෙනවා. මේ සැරේ අපිට හම්බුණේ මිලියන 40යි. දැන් දිස්ත්‍රික්ක 17ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙනවා. මුද්‍රණය කරපු ඔක්කොම අපිට නැවත පරීක්ෂාවකට ලක්කරන්න වෙනවා. අපිට දැන් තිබෙන තත්ත්වය යටතේ තවත් දින 05ක් වගේ ඇතුළත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා අවසන් කරන්න පුළුවන් වෙයි. මැතිවරණ කොමිසම මගෙන් ඇහුවේ නැහැ. මට ලියුමක් එවලා තිබ්බා 17 දෙනවද කියලා. ඒකට උත්තරය මගෙන් ඇහුවේ නැහැ. මට පේන්නේ මාව හිර කරන්න හදන්නේ. මම සූදානම් නීතිය හමුවේ කරුණු දක්වන්න. මැතිවරණ කොමිසම මේ වැඩේ දීපු දවසේ ඉඳලා අපිට ලැබුණු ප්‍රතිචාරය අනුව තමයි මේ දේ වුණේ කියලා මට පෙන්වන්න පුළුවන්. දැන් පොලිස් ආරක්ෂාව නැතුව අපිට ඉතුරු ටික කරන්න බැහැනේ.”