hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මාර්තු 07, ප.ව. 1:10



විදුලි ඒකක 120ට වඩා අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු සංශෝධනය සියයට 66ක සීමාව දක්වා පහත හෙළන ලෙසට රජයට අවධාරණය කරන බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පවසනවා.

වැඩි වූ විදුලි බිල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළා.

පාරිභෝගිකයන්ට දරාගත නොහැකි ලෙස විදුලි ගාස්තු ඉහළ යෑමෙන් ඔවුන් විදුලි බිල්පත් නොගෙවීම මත විදුලිබල මණ්ඩලය මෙන්ම ඊට අනුබද්ධ අනෙකුත් ආයතනද කඩා වැටෙන බව ඔහු පැවැසුවා.

මාර්තු මාසෙන් පසුව එන නව විදුලි බිල දෙගුණයක තුන් ගුණයක වැඩි වීමක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළා.

මේ නිසා ජනතාවට එම විදුලි බිල ගෙවීමට අපහසු බවත් එම නිසා විදුලි විසන්ධි කිරීම් සිදුකිරීමට වන බවද ඔහු පැවැසුවා.

විශේෂයෙන් මේ තත්ත්වය මත විදුලි පාරිභෝගිකයන් සමඟ ගැටුම්වලට නොයන ලෙසට සිය සාමාජිකයන් දැනුවත් කොට ඇති බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා.