hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 10:52



විදුලි බිල් ගාස්තු යළිත් වරක් ඉහළ දැමීමට සිදු කළ ඉල්ලීමට අදාළ වන දත්ත සහ කරුණු මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දීමර ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ දත්ත සහ කරුණු අද සහ හෙට දිනයේ දී මහජන උපයෝගිතා කොමිසමට භාරදීමටයි නියමිත ව ඇත්තේ.

රට පුරා වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් පසුගිය කාලය පුරා පැවති නියං තත්ත්වය හේතුවෙන් තාප විදුලිය සඳහා වැය වූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම වෙනුවෙනුයි නැවත වරක් විදුලි බිල් ගාස්තුව ඉහළ දැමීමට යෝජනා වී ඇත්තේ.

එම ඉල්ලීම පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් සිදු කරනු ලැබුවා.

ඒ අනුව මෙය ගාස්තු සංශෝධන ක්‍රමවේදයට පෙර මිල ඉහළ දැමිමට සිදු කරන ඉල්ලීමක් වීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ මහජන උපයෝගීතා කොමිසම වෙත සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලි බල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේ දී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේ දී සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස ද ලංකා විදුලි බලමණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: