hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 29, පෙ.ව. 8:22



විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් රැස්වී (28) වන දින සාකච්ඡා කරනු ලැබු අතර අනතුරුව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් සදහන් කළේ, ඒ සම්බන්ධව අවසන් තීරණයක් නොගත් බවයි.

මේ අතර වාරික පදනමෙන් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත මූලික අවස්ථාවේදී හිග ගාස්තුවෙන් 50%ක් පමණක් අයකර ගනිමින් නැවත විදුලි සම්බන්ධතා ලබාදීමට කටයුතු කළ යුතු බවට නිර්දේශ නිකුත් කළ බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සදහන් කරයි.

කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවි තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරිකය පදනමෙන් එලෙස හිඟ මුදල් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙසට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නිර්දේශ නිකුත් කර ඇති අතර විදුලි බිල ඉහළ යාම හමුවේ දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම් ලක්ෂ 10 ඉක්මවා ඇත.

තවද ස්ථාවර විදුලි සබඳතා ලබා ගැනීමේදී ගෙවීමට සිදුවන ඉහළ ගාස්තු හේතුවෙන් ශුද්‍ර, සුළු සහ මූල්‍ය කර්මාන්ත ආරම්භ කිරීමට යොමුවන නව ව්‍යවසායකයින් අධෛර්යයට ලක්වීම වැළැක්වීම සඳහා සම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට ඉඩ සලසන ලෙසද නියෝග කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: