hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 30, ප.ව. 7:22



විදුලි බල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසදීමට අදාළ යෝජනා ලබා ගැනීම සදහා විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවට කැඳවා තිබෙනවා.

පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවූ බව “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී” ඊයේ (29) අනාවරණයවූ බවයි සඳහන් වන්නේ

මේ අනුව 2023 ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සදහා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බවද විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩි විය යුතු බවත් විදුලි බල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවධානම පිළිබදවද කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවද සඳහන්.

මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු බිලියන 650කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

ඉන් රු. බිලියන 35කට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සදහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රු. බිලියන 75 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කළ බව සඳහන්.

මේ අනුව ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රු. බිලියන 50ක ණය මුදලින් මෙම සැපයුම් කරුවන්ට ණයවලින් යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.