hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 25, පෙ.ව. 12:08



මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වන විදුලි බිදවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරයි.

මෙම ආපදා තත්ත්වයන් යටතේ ඇතැම් ප්‍රදේශ වල බෙදා හැරීම් වෝල්ටීයනා විදුලි රැහැන් මාර්ග විශාල ප්‍රමාණයක් මෙන්ම transformer මතට පවා ගස් කඩා වැටීම නිසා විශාල විදුලි බිඳ වැටීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත.

පසුගිය දින කිහිපය තුලදී දැනට රටපුරා විදුලි බිද වැටීම් 300,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වූ අතර එම බිදවැටීම් යථා තත්වයට පත්කරලීම සදහා මේ වන විට ලංවීම සේවයේ යෙදී සිටින සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් කැපකිරීම් සිදු කරමින් සිටින බව සදහන් කරයි.

දුරකථන පද්ධතියේ කාර්ය බහුලත්වය නිසා ඔබ විසින් ලබාගන්නා ඇතැම් ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට නොහැකි අවස්ථාද ඇති බවත් ඒ පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින බවද විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සදහන් කරයි.

එනිසා පාරිභෝගික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් වශයෙන් සිදු කරන්නේ බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරන කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙසත් කඩා වැටී ඇති සජීවී විදුලි රැහැන් හා උපාංග කිසි ලෙසකින්වත් ස්පර්ශ නොකර ඒ පිළිබඳව වහා විදුලි බල මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: