hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 30, පෙ.ව. 12:04



විදුලි බිල 10% ත් 20% ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළ හොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑමේ වැඩි හැකියාවක් ඇති බව එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසුවා.

අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසුවේ මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 1 වැනිදා ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මෙම සතියේ විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එහිදී ජනතාවට සැළකිය යුතු විදුලි ගාස්තු අඩු වීමට ලැබිය යුතු බව ධනුෂ්ක පරාක්‍රමසිංහ සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනතින් විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ඔහු පැවසුවා.

විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට දැන්ම සිටම කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: