hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 03, පෙ.ව. 12:10



විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය විදුලිබල මණ්ඩලය ඉදිරි සති දෙක ඇතුළත ලබාදුනහොත් ජූලි මස මැද වනවිට ගාස්තු අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවා.

මැයි 01 වැනිදා වන විට විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පසුගිය 27 වැනිදා සිට සති 2ක කාලයක් ඒ සඳහා ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි බව සභාපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම යෝජනාවලිය ලැබුණු පසු මහජන අදහස් විමසීමෙන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: