hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 20, පෙ.ව. 9:51



ලබන වසරේ ජනවාරි මාසයේ දී සැළකියයුතු ප්‍රමාණයකින් විදුලි බිල පහත දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එසේම ලබන ජූලි මාසයේදී ද විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනවාරි 1 වැනිදා දින සිට සිදු කෙරෙන විදුලි සංශෝධනය වෙනුවෙන් වූ යෝජනාව  නොවැම්බර් මාසයේ ලබා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

එසේම ජූලි මාස සිදු කෙරෙන විදුලි ගාස්තු  සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් මිල අඩු වීමක් සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

“අවම මට්ටමේ විදුලිය භාවිත කරන ඒකක 0-30, 30-60, 60-90 ඒ පිරිසට 27%කින් විදුලි බිල අඩු කරන්න අපි යෝජනා කරලා තියෙන්නේ. ජනවාරි මාසයේදී මේ යන වැඩපිළිවෙළ ගෙනියලා මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා”යැයිද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවා.