hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 02, පෙ.ව. 11:43



වාර්ෂික නියාමන ගාස්තු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබිය යුතු රුපියල් අටකෝටි දහඅටලක්ෂ පනස්දෙදහස් හත්සියයක මුදලක් (81,852,700) මේ වනතෙක් අය කර ගැනිමට නොහැකිවී තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

මේ බව හෙළිදරව් වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය මගින් මහජන කොමිසම් සභාව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේයි.

වාර්ෂික නියාමන ගාස්තු වශයෙන් 2014 /2015 යන වර්ෂයන්වල සිට මෙම මුදල් අයවිය යුතුව ඇති බවද විගණනය මගින් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම නියාමන ගාස්තු වශයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත වෙනත් ආයතනවලින් රුපියල් එක්කෝටි පනස්එක්ලක්ෂ හත්සිය විසි එකක මුදලක් (1,051,721) ලැබිය යුතුව තිබු බවද විගණන වාර්තාවේ සදහන්.

එම මුදලින් 2021 ජුනි මස 30 වැනිදින වනවිට රුපියල් 726,954 ක පමණ මුදලක් අයකරගෙන තිබුණා.

විදුලිබල මණ්ඩලයේ අයවිය යුතු මුදල සම්බන්ධයෙන් 2021.12.23 වැනිදින රැස්වු විගණන හා කළමණාකරණ කමිටුව විසින් යෝජනා කොට ඇත්තේ මෙකී මුදල බොල්ණය ලෙස කපාහැරිමට ප්‍රථම කොමිෂන් සභාව මෙම මුදල අය කර ගැනිමට  සියලු උත්සාහයන් දැරිය යුතු බවය. 

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමේ හැකියාව පිළිබඳ සොයාබලන ලෙසද විගණන හා කළමණාකරන කමිටුව මගින් යෝජනා කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: