hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 24, ප.ව. 4:33



යාපනය දිස්ත්‍රීක්කයේ පැවත්වෙන විශේෂ ආගමික උත්සව අවස්ථා ඇතුලු සියලු උත්සව අවස්ථාවන් සඳහා පිටස්තර ප්‍රදේශයන්හි සිට අලි ඇතුල් රැගෙන ඒමේදී විශේෂ අවසරයක් තිබිය යුතු බවට යාපනය දිසාපති ඒ. සිවාපල සුන්දරම් මහතා විසින් දැනුම් දී තිබෙනවා.

මෙතෙක් වගකිව යුතු නිලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව අලි ඇතුන් රැගෙන ඒමේදී සතුන්ටද හිරිහැරවීම් වාර්ථා වී ඇති අතරම මහජනතාවටද හානිවීමේ දැඩි අවධානමක් පවතින බවට දිසාපතිවරයා විසින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් අලිඇතුන් යාපනයට රැගෙන එන්නේ නම් පළමුව උතුරු පලාත් පශු සම්පත් නිශ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට දැනුම් දී අවසරය ගැනීමෙන් අනතුරුව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පත්කොට ඇති කමිටුවටද අදාල අවසරය යොමු කොට එම කමිටුවේද අවසරය ලබාගත යුතු බවටද දැනුම් දී තිබෙනවා.

විශේෂයෙන් යාපනයේ පැවත්වෙන කෝවිල් උත්සයන්ට මීට පෙර අලිඇතුන් රැගෙන ඒමක් සිදු නොවුනද පසුගිය ගෙවී ගිය කාලය තුලදී විවිධ කෝවිල් උත්සවයන් සඳහා අලිඇතුන් රැගෙන ඒම සිදුවූ අතරම එසේ අලි ඇතුන් රැගෙන ඒම දකුණු ප්‍රදේශයේ සිට සිදුවූ අතර අලි ඇතුන් රැගෙන එන පාර්ශවයන් විසින් කිසිදු ආරක්ෂක පියවරක නොගෙන ඇති බවටද යාපනය දිසාපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.