hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 27, පෙ.ව. 7:08



අලි මිනිස් ගැටුම අවම කිරීම හා ප්‍රචණ්ඩකාරි අලි පාලනය කිරිමේ අරමුණින් අලි අගලක් කැපිම සඳහා අදාල නොවන ගොඩනැගිලි ඉදිකිරිමේ මිල ගණන් පදනම් කරගෙන ඇස්තමේන්තු සකස් කිරිම නිසා නියමිත පිරිවැයට වඩා රුපියල්  දෙකෝටි, අසුහතර ලක්ෂ, හැත්තෑ අට දහස්, හත්සිය තිස් හයක මුදලක් (28,478,736) වැඩිපුර ගෙවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙකී තොරතුරු අනාවරණය වි ඇත්තේ ජාතික විගණන කාර්යාලය මගින් 2021 වර්ෂයට  අදාලව වන සත්ත්ව සංරක්ෂණ අරමුදල සම්බන්ධයෙන් කරනු ලැබු වාර්ෂික විගණන වාර්තාවෙන්.

යෝජිත ලුණුගම්වෙහෙර, අලි රැඳවුම් මධ්‍යස්ථානය සදහා  මෙකී අලි අගල කැපිමේ ව්‍යාපෘතිය ආරම්භකොට තිබුණා.

මෙම අලි අගල කැපීම සඳහා ගොඩනැගිලි ඉදිකිරීමේ  මිල ගණන්  පදනම් කරගෙන ඇස්තමේන්තු සකස් කර තිබීම හේතුවෙන්, වාර්මාර්ග ඉදිකිරීමේ මිල ගණන්  සමග  සැසඳීමේ දී  කියුබික්  මිටරයක,  ඇස්තමේන්තුව, රුපියල් 312කින් වැඩිවී තිබුණා. 

ඉංජිනේරු ඇස්තමේන්තුව, රුපියල්, හාරකෝටි, අනු පන් ලක්ෂ, තිස්හතර දහස් පනස් හයකින් (49,534,056) වැඩියෙන් සිදුකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මේ හේතුවෙන් කියුබික් මිටර් අනු එක් දහස්, දෙසිය හැත්තැ අටයි දශම බිංදුවයි නමයක් (91,278.09) කැපීම සඳහා නියමිත පිරිවැයට වඩා  රුපියල් දෙකෝටි අසු හතර ලක්ෂ, හැත්තෑ අට දහස් හත්සිය තිස් හයක, මුදලක් වැඩිපුර ගෙවා තිබුණා.

නියමිත මිල ගණන් භාවිතා කොට ඇස්තමේන්තු සකස්කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා.

එමෙන්ම කපනු ලැබු අලි අගල භෞතික පරික්ෂාවේ දී  ආසන්න වශයෙන්  ඝන මිටර් 3000ක් පස්වලින් ගොඩවී තිබු අතර  ඒ අනුව පස් ඉවත් කිරීම සඳහා  රුපියල් දාහතර ලක්ෂ අනු හත් දහසක මුදලක් වැය කිරීමට සිදුවන බවද විගණන වාර්තාවේ සඳහන් වෙනවා. 

භු විෂමතාවය නොසලකා පස් කැපිම හේතුවෙන්  මෙසේ ගොඩවන පස් නැවත ඉවත් කිරීමට වර්ෂයකට ආසන්න වශයෙන්  රුපියල්  දෙකෝටි පනස් හය ලක්ෂ  හැටතුන් දහස්  විසි හතරක (25,663,024) වැය කිරිමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල  තිරණයට අනුව  අලි වැටක් ඉදිකිරීමට කටයුතු කර  රුපියල් තිස් හත් ලක්ෂ අනු දෙදහස්  හාරසිය පනස් අටක  මුදලක්  (3,792,458) වැයකර තිබියදි, අගලක් නිර්මාණය කිරීමට අදාල පාර්ශවයක් කටයුතු කිරීම නිසා  අලි වැට සඳහා වැයකළ මුදල අපතේ ගොස් ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයුම් වාර්තාවක්  ලබාගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

කෙසේවුවද මෙකි ව්‍යාපෘතිය සඳ හා අනුමැතිය ලැබි ඇත්තේ රුපියල් මිලියන 862ක ඇස්තමේන්තුගත පිරිවැයකට, කොන්ක්‍රිට් කණුයොදා ගනිමින් අලි වැටක් ඉදිකිරිම සඳහායි.

මේ සදහා 2020 අප්‍රේල් මාසයේ දි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබුණා.

ඉදිකිරිම් කටයුතු  ජාතික, යන්ත්‍රෝපකරණ  ආයතනය වෙත පවරා තිබුණා. 

කෙසේවුවද පසුව කරණු ලැබු වෙනස්කම් හේතුවෙන්  අලි වැට වෙනුවට රුපියල් මිලියන 304ක ඇස්තමේන්තුගත පිරිවැයකට අලි අගලක් කැපිමට තිරණය කොට තිබුණා.

මේ සම්බන්ධයෙන් කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මිල ගණන් සම්බන්දයෙන් ගනු ලැබු තිරණයන් තනි පුද්ගල තිරණයක් නොවන බවයි.

අමාත්‍යංශ ලේකම් වනජිවි අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු කමිටුවක් මගින්  සාකච්ඡා කොට ගනු ලැබු තිරණයක් බවයි. 

එමෙන්ම  අලි අගල කැපිමේ දි පසෙහි ස්ථායිතාවය, අඩු ස්ථාන  ඇති අතර  එහිදී හඳුනාගෙන ඇත්තේ එම ස්ථානවලින්, ජලය කාණුව වෙත බැස යන බවයි.

ජලය බැසයාම ක්‍රමවත් ලෙස  සිදුකිරීමෙන් අගලේ කඩාවැටිම වැලැක්විය හැකි මුල් අදියරේ  මෙම පිළිසකර කිරිම් සිදුකළ බවයි.

එමෙන්ම අගල් කැපිමට පෙර  විදුලි වැට ඉදිකිරීම සඳහා  පරිසරයට අවම හානි  වන පරිදි විදුලි වැට මාර්ගය  ශුද්ධ කිරිමට කටයුතු කර ඇති බව කළමණාකාරිත්වය විසින්  විගණනයට සඳහන් කොට තිබෙනවා.

මේ නිසා අගල් කැපීමට පාරිසරික  ඇගයිමක්  සිදුකර නොමැති බව කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද